fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශේෂ කොමිසමකට මුහුණ දෙන්න සූදානම් – ඇමති රාජිත

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 14:51

විශේෂ කොමිසමකට මුහුණ දෙන්න සූදානම් – ඇමති රාජිත

විශේෂ කොමිසමකට මුහුණ දීමට තමන්  බිය නොවන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

පසුගිය වසර 04 ක කාලයක තුළ නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ අසරණ රෝගී ජනතාවට ඉටුකළ සේවාවේ වංචා හා දූෂණ සෙවීම සදහා විශේෂ කොමිසමක් පත්කිරීමේ යෝජනාවට බිය නොවන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පල කරමිනුයි ඒ මහතා මේ බව කියා ඇත්තේ. ඕනෑම කොමිසමක් හමුවේ පිළිතුරු ලබාදීමට තමන් සූදානම් බව සදහන් කරන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එවැනි කොමිසමක් හමුවේ අසරණ රෝගී ජනතාව වෙනුවෙන් ඉටුකළ සේවාව පෙන්නුම් කර දීමට තමන්ට  හැකි බවද කියා සිටිනවා. දුම්කොළ පාලනය සදහා බදු පැනවීම පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දීම ඇතුළු ජනතාවයේ සෞඛ්‍ය රැකගැනීම වෙනුවෙන්  වැඩසටහන් ගණනාවක් පසුගිය කාලය තුළදී ක්‍රියාත්මක කෙරුණා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73 ක මිල අඩුකිරීම ,හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් මිල අඩු කිරීම ,අක්ෂි කාච මිල අඩු කිරීම ,  පිළිකා රෝගීන්ට ජීවිත කාලයටම ප්‍රතිකාර ලැබීමට අවස්ථාවට උදාකර දීම ඇතුළු සේවා රැසක් සිය ධුරකාලයේදී ඉටුකිරීමට හැකි වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. දේශපාලන අර්බුදය පැවති දින 53 ක කාලය තුළදී පැණි බීමවලට පනවා තිබූ බදු අඩුකරන විට වෛද්‍ය සංගම්       සිදු කළ මැදිහත් වීම ප්‍රමාණවත් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. දිවයින පුරා සෑම රෝහලක්ම දියුණු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර ඇති බව ඒ මහතා  පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව තුළ පසුගිය වසර කිහිපය තුළදී සිදු වී ඇති සෞඛ්‍ය සේවාවේ දියුණුව ලෝක සංවිධානවලද ඇගයීමට ලක් වූ බවයි රාජිත සේනාරත්න මහතා සදහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 14:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්