fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඌව සහ දකුණු පළාත් නව ආණ්ඩුකාරවරුන් වැඩ අරඹයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 17:13

ඌව සහ දකුණු පළාත් නව ආණ්ඩුකාරවරුන් වැඩ අරඹයි

ඌව සහ දකුණු පළාත් නව ආණ්ඩුකාරවරුන් සහ මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළා.

ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා වැඩ භාරගත්තා. ඒ මහතා මීට පෙර දකුණු පලාතේ ආණ්ඩුකාරවරයා ලෙසයි කටයුතු කළේ. ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මාර්ෂල් පෙරේරා මහතා සිය තනතුරේ වැඩ භාරගත්තා. ඒ අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු පළාත් මැති ඇමතිවරුන් එක්ව සිටියා.

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්ව සිටින කීර්ති තෙන්නකෝන් මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ දකුනු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සිල්වා මහතා ඇතුළු ජනතා නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා.

මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති ධුරයට පත් ඒ ජේ එම් මුසාමිල් මහතා ද අද වැඩ භාර ගත්තා. ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ද එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 17:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo