සම්මානනීය නළුවන් දෙපොළක් වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සිනමා අධ්යක්ෂණයට යොමු වී තිබෙනවා. ඒ ඔවුන් දෙපළගේ ද නිවුස් පේපර් නැමති සිනමා කෘතිය අධ්‍යක්ෂණය කිරීමත් සමඟිනුයි. සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙම සිනමාපටයේ නිෂ්පාදකවරයා වන අතර එච්. ඩී. ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ සම නිෂ්පාදනයෙන් දායක වෙනවා…
පුවත්පතක පළවූ වැරැදි පුවතක් නිසා, රටට බරක් නොවී දැහැමින් සෙමින් ජීවත් වන පුද්ගලයකුගේ ජීවිතය කනපිට පෙරළෙන අයුරුත් මේ පුවත නිවැරිදි කිරීමට දහසකුත් බාධක මධ්‍යහි අතිදුෂ්කර වූ ගමනකට මුලපිරීමට සිදුවීම් මාලාවක් මෙම සිනමා කෘතිය පුරා දිග හැරෙයි..
සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ගිහාන් ප්‍රනාන්දු. ජයලාල් රෝහණ, ධර්මප්‍රිය ඩයස්, පුබුදු චතුරංග, ගිරිරාජ් කෞශල්‍ය, නෙතලි නානායක්කාර, දයාදේව එදිරිසිංහ, සරත් චන්ද්‍රසිරි, උමයංගනා වික්‍රමසිංහ, මාෂි සිරිවර්ධන, මිහිර සිරිතිලක, දිමුතු චින්තක, වසන්ත මොරගොඩ, වසන්ත කුමාරවිල, චින්තක වාස්, ආනන්ද කුමාර උන්නැහේ, රුවන් මදනායක, නිල්මිණි කෝට්ටේගොඩ, හේමන්ත ඊරියගම, සරත් කරුණාරත්න, සංජීව දිසානායක, සරත් කුලාංග, රුක්මල් නිරෝෂ්, ප්‍රියන්ත සිරිකුමාර, චින්තක පීරිස්, ශ්‍යාම් ප්‍රනාන්දු, අජිත් ලොකුගේ. ආනන්ද අතුකෝරල, ජයන්ත අමරසිංහ, වජිර කොඩිතුවක්කු, ජනක රණසිංහ, නිමල් පල්ලෙවත්ත, මහාචාර්ය පැට්රික් රත්නායක ද නිවුස් පේපර් හැඩ කරන නළු නිළි පිරිවරයි.