fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාරංගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් හතර දෙනෙකුට බරපතලයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 15:35

නාරංගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් හතර දෙනෙකුට බරපතලයි

හොරණ බුලත්සිංහල මාර්ගයේ නාරංගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් හතර දෙනෙකු බරපතල තුවාල ලැබුවා.

තුවාල ලැබූවන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. යතුරු පැදි දෙකක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. දස දෙනෙකුගෙන් සමන්විත පිරිසක් යතුරුපැදි පහකින් බුලත්සිංහල ප්‍ර දේශයේ දිය නෑමට ගොස් තිබෙනවා. එම යතුරු පැදි දෙකකුයි මෙසේ අනතුරට ලක්වුණේ. තුවාල ලබා ඇත්තේ යතුරුපැදි දෙකේ ගමන්කළ හතරදෙනෙකුයි. තුවාලකරුවන් පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන්. බුලත්සිංහල පොලිසිය අනතුර පිළිබද පරික්ෂණ පවත්වනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 15:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්