ලෙබනනයට බලපෑ නෝර්මා සුළිකුණාටුවෙන් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වි තිබෙනවා.
ලෙබනනයේ සිටින සිරියානු සරණාගතයින්ටයි සුළිකුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වුණේ. ඒ හේතුවෙන් පවුල් සියකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටිනවා. සිරියානු සරණගාතයින්ගේ කදවුරු රැසක් ජලයෙන් යටවී තිබෙනවා. ශීත කාලගුණය හා පවතින ආහාර හිගය හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. තවත් කුණාටු අවධාදානමක් පවතින බව එරට කාලගුණ අංශ අනතුර අගවනවා.