[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/gossiplanka_2019-01-11-1167-1.jpg”]
තාරුකා වන්නිආරච්චි කියන්නේ අපේ කලා ලොවේ ඉන්න සුපිරි තාරකාවියක්..පුංචි තිරයේ රංඟන ශිල්පිනියක් විදිහට ඉහළ දක්ෂතා පෙන්වන තාරුකා සිනමාවේ දී වඩාත් කැපී පෙනෙන චරිතයක්. ඒ වගේම රියැලිටි වේදිකාවටත් තාරුකාගේ දීප්තිය හොඳින් ලැබෙනවා.
කලා ලොව සරසන්නට වාසනාවන්ත වුණු තාරුකා විවාහ ගිවිස ගැනීමේ අපූරු පුවත පසුගියදා වාර්තාවීමත් සමඟම ඇයට සුබ පතුම් ගලා එන්නට වුණා. ඇය මේ සතුටුදායක පුවත අන්තර්ජාලය හරහා හැමොටම දැනගන්නට සළස්වා තිබුණා. මේ සුරූපිනියගේ අතගත් මනාලයා වන්නේ ජනක. ඔවුන්ගේ උත්සවයේ යාත්රා අවන්හලක පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ..
කොහොමින් කොහොම හරි නව වසරේ ඉස් ඉස්සෙල්ලාම මංඟල සීනු හැඬවුණ සුරූපී තාරුකා නව වසරේ විවාහ වෙන්න බලාගෙන සිටින අපේ කලාකරුවන්ට ලබා දූන් හොඳ ආරම්භයක්. බලමුකෝ තාරුකාගේ අඩිපාරේ යන ඊළඟ රංඟන ශිල්පියා හෝ ශිල්පිනිය කවුරු වේවිද කියලා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/49857708_1868324339961324_4281502242814558208_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/gossiplanka_2019-01-11-1167.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/49950043_334327557410521_1438249878730833920_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/50057218_334327564077187_1254032409213534208_n.jpg”]