පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවෙ අද පෙනී සිටියා.
ප්රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර නැමැත්තා සිදු කළ හෙලිදරව්වකට අනුව සිදු කෙරෙන පරික්ෂණයකට අදාළව පොලිස්පතිවරයාට රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස දැනුම්දී තිබුණා. ප්රභූ ඝාතන සැලැස්ම පිළිබඳ සිදු වූයේ යැයි කියන දුරකථන සංවාද සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව පොලිස්පතිවරයාගේ කටහඩ ඇත්දැයි සොයා බැලීම මෙහි මූලික අරමුණයි.පොලිස්පතිවරයාගේ කටහඩ සාම්පල් ලබාගැනීමටද මෙහිදී කටයුතු කරන බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආරියනන්ද වැලිඅංග මහතා සදහන් කළේ.