fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු ශ්‍රී ලාංකිකයන්ට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීමට සැලසුම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 09:37

සියලු ශ්‍රී ලාංකිකයන්ට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීමට සැලසුම්

ශ්‍රී ලංකාවේ මිලියන 21ක ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.

කළුතර මහ රෝහල, බණ්ඩාරගම දිසා රෝහල කේන්ද්‍ර කර ගනිමින් මූලික අදියරේ ඊ-හෙල්ත් කාඩ්පත් නිකුත් කිරිම ආරම්භ කිරීමටයි සැළසුම් කර ඇත්තේ. මාස 06ක කාලයක් තුළ ඊ-හෙල්ත් කාඩ්පත ජනතාවට ලබාදීමට නියමිතයි. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත ලබාදුන් සමාගම විසින් මෙම වැඩපිළිවෙල ද ක්‍රියාත්මක කරවනා. ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරිම තුළින් කිසියම් රෝගියෙකුගේ සම්පුර්ණ රෝගී වාර්තා ඊට ඇතුලත් කර තිබීම නිසා ඕනෑම ප්‍රදේශයක වෛද්‍යවරයෙකුට කඩිනමින් ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

ඊ-හෙල්ත් කාඩ්පත ශ්‍රී ලංකාවට හදුන්වාදීම 2018 වසරේ අප්‍රේල් මස 07 දින පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වැනි සංවත්සර උළෙලේ දී සිදු කෙරුණා. එය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පැවැත්විණා. නව තාක්ෂණය හදුන්වාදීම තුළින් ජනතාවට කඩිනමින් සේවා කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.

මේ අතර දිවයින පුරා රෝහල් පරිගණක ගත කිරීමේ වැඩපිළිවෙල ද සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. හොරණ මූලික රෝහලෙන් 2015 වසරේ දී ආරම්භ කළ මෙම වැඩපිළිවෙල තුලින් මේ වන විට රෝහල් 500කට ආසන්න සංඛ්‍යාවක් පරිගණක ගත කර තිබෙනවා. එමගින් සෞඛ්‍ය සේවකයන්ට මෙන්ම රෝගීන්ට ද විශාල පහසුවක් ලැබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටිනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්