fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 09:17

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි කෙරේ

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි කර තිබෙනවා. ඊයේ දිනයේදීද පොලීසිය වැටලීම් කිහිපයක් සිදු කළා.

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් සමඟ සැකකරුවෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණා. ඒ දෙහිවල ඇලන්විදිය ප්‍රදේශයේදීයී. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධික වනවා. සැකකරු අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කිරීමට නියමිතයි.

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුනේ මීගොඩ සිරිමැදුර වත්ත ප්‍රදේශයේදීයි. මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 510 ක් . සැකකරු අද දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පිලියන්දල පොලීසියද මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කළා. ඒ පිලියන්දල බටුවන්දර ප්‍රදේශයේදීයී. හෙරරොයින් ග්‍රෑම් 120 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු අද දින ඉදිරි පත්  කෙරෙන්නේ කැස්බෑව  මහේස්ත්‍රාත් අධිකරණයටයි.

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු රාගම නවහලන්දූව  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයයි වැටලීම සිදු කෙරුණේ. සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්