මහවැලි ගගේ අනවසරෙන් මැණික් ගැරූ සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහවැලි ගගට හැටන් සිට ජලය ගලා බසිනා හැටන් ඔයේ ස්ටැඩර්න් වත්ත ප්රදේශයේදීයි මෙම කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇත්තේ. හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය වැටලීම සිදුකළා. විශාල පරිසර හානියක් සිදුකරමින් මොවුන් අනවසර මැණික් ගැරීමේ කාර්යයෙහි නිරතව සිටි බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.