fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පවුල අතහැර පලා යාමට තැත්කළ 18 හැවිරිදි තරුණියට දේශපාලන රැකවරණය

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 12:16

පවුල අතහැර පලා යාමට තැත්කළ 18 හැවිරිදි තරුණියට දේශපාලන රැකවරණය

තම පවුල අතහැර පලා යාමට තැත්කළ දහඅට හැවිරිදි සෞදි ජාතික තරුණියක් වන  රෙහාස් අල් කුනුන්ට කැනඩාව දේශපාලන රැකවරණය ලබා දී තිබෙනවා.

ඇය කැනඩා රජය වෙනුවෙන් පිලිගනු ලැබුවේ එරට විදේශ අමාත්‍යවරයා විසින්. ඇය ඉතා නිර්භිත නව කැනඩා ජාතිකයෙක් බව කැනඩා රජය නිවේදනය කර තිබෙනවා. එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිලිබදව මහාකොමසාරිස් කාර්යාලය කළ ඉල්ලිමකට අනුවයි රෙහාස් අල් කුනුන් කැනඩාවට ඇතුළු කර ගැනිමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ අනුමැතිය ලබා දුන්නේ. කැනඩාව කාන්තාවන්ට හා තරුණයින්ට සහය ලබා දෙන බවට මෙම සිදුවීම කදිම උදාහරණයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්