කුරුණෑගල දඹුල්ල මාර්ගයේ මුත්තෙට්ටුගල ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
කුරුණෑගල සිට දඹුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා අනතුරින් බරපතළ තුවාල ලැබුවා. ඉන් අයෙකු කුරුණෑගල රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ වැල්ලව ප්රදේශයේ පදිංචි තිස්අට හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.