ඇමෙරිකාවේ උතුරු මැද ප්‍රදේශයට බලපා ඇති හිම කුණාටුවකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇමෙරිකාවේ කන්සාස් හා මිසෝරි ප්‍රාන්තවලටයි හිම කුනාටුවෙන් වැඩි බලපෑම් එල්ල වි ඇත්තේ. ලෝවා , ඉලිනොයිස් , ඉන්ඩියානා සහ ඔහායෝ ප්‍රාන්තවලටද සුළිකුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. හිමකුණාටුව හේතුවෙන් ශාන්ත ලුවිස් ලැම්බට් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන්වාර රැසක් අවලංගු කර තිබෙනවා. එක් දිනක් තුළ දී ඇමෙරිකාවට බලපෑ ප්රබලතම සුළිකුණාටුව මෙය බවයි වාර්තාවන්නේ. මෙම තත්ත්වය සමග ප්‍රදේශ රැසකට විදුලි බලය ද ඇණ හිට තිබෙනවා. ඉන් පිඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ හතරකට ආසන්න බව සදහන්.