ශ්‍රී‍්‍ර ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන්නැයි විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ශ්‍රී‍්‍ර ලංකා තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කළා.
විදේශයන්හි සිදුකරන එලදායී කි‍්‍රයාකාරකම් හරහා මෙරට ප්‍රතිරූපය ඉහළ නැංවිය හැකි බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. මැණික්, තේ සහ කුළුබඩු කර්මාන්තය උසස් නිමාවකින් යුතු අපනයන නිෂ්පාදන මෙන්ම මෙරට සම්ප්‍රදායික ආගන්තුක සත්කාර පිළිබද වැඩි ප්‍රසිද්ධියක් ලබාදීමෙන් එය පහසුවෙන් සිදුකළ හැකි බව ද මාරපන මහතා සඳහන් කළා. බුදුදහම පිළිබද ඇති ඉගැන්වීම් වඩා ගැඹුරින් පැහැදිලි කරදීමෙන් ද මෙරට ප්‍රතිරූපය ඉහළ නැංවීමට අවස්ථාව හිමිවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධාන කළ රාජ්‍යතාන්ති‍්‍රක හා මාධ්‍ය සම්බන්ධතා පුහුණු වැඩමුළුව අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.