9 වන සති අන්තයටත් ප්‍රංශයේ පැරිස් නුවර විරෝධතා පැවැත්වෙනවා. මේ වනවිට උද්ඝෝෂණ වලට සහභාගීවූ දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ. ඉන් රක්ෂිත බන්ධනාගාරගත කළ සංඛ්‍යාව 200 ක්.
එහෙත් නව උද්ඝෝෂකයන් සහ ඒවා මෙහෙය වන්නන් දිනෙන් දින වැඩි වන බවයි ප්රවෘත්ති වාර්තා පෙන්වාදෙන්නේ. ප්‍රංශ පොලීසිය ජල සහ කදුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර තිබෙනවා. උද්ඝෝෂකයන් පාලනය කිරීම සඳහා අසූ දහසක පමණ පොලිස් බල ඇණියක් ද යෙදවීමට පියවර ගත්තා. ප්‍රංශය පුරා පුද්ගලයන් අසූ හතර දහසක් පමණ විරෝධතා සඳහා එක්ව සිටින බවටයි වාර්තා වන්නේ. ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළකරමින් මූලික වශයෙන් ආරම්භවූ විරෝධතා වලට මේ වනවිට තවත් ඉල්ලීම් රැසක් එක්ව ඇති බවයි එරට රජය සඳහන් කළේ. විරෝධතා වලට හේතුවී ඇති මූලික කරුණු සම්බන්ධයෙන් ලබන 15 වෙනිදා විවාදයක් ද ආරම්භ කිරිමට නියමිත බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කළා. අන්තර්ජාලය හරහා සියලු පාර්ශව සම්බන්ධ කරගනිමින් එය පැවැත්වීමයි සැලසුම. බදු, හරිත බලශක්තිය, ආයතනික ප්‍රතිසංස්කරණ සහ පුරවැසිභාවය පිළිබද මූලික වශයෙන් අවධානය යොමු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.