fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රවීණ රංගන ශිල්පිනී රෝසි ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 18:01

ප්‍රවීණ රංගන ශිල්පිනී රෝසි ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී රෝසි ප්‍රනාන්දු මහත්මිය අභාවප්‍රාප්ත වුණා. කෝපිකඩේ ඇතුළු ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසකට දායකත්වය දැක්වූ ඇය දක්ෂ රංගන ශිල්පිනියක්.

ප්‍රවීණ රංගන ශිල්පිනී රෝසි ප්‍රනාන්දු මහත්මිය අභාවප්‍රාප්ත වනවිට 76 වන වියේ පසුවුණා. 1985 වසරේ ජය අපටයි චිත්‍රපටයෙන් රංගන දිවියට ඇතුළත් වූ ඇය චිත්‍රපට 35 කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වුණා. කෝපි කඩේ, දූදරුවෝ, ධවලමන්දිය ඇතුළු ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වූ ඇය වේදිකා නාට්‍ය ශිල්පිනියක ලෙසද දස්කම් දැක්වූවා. කලා දිවියට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් ඇය ශ්‍රී ලංකා ජාතික කළා සංසදයේ සම්මානයට ද පාත්‍රවුණා. අභාවප්‍රාප්ත රෝසි ප්‍රනාන්දු මහත්මියගේ දේහය කඩවත ඉහළ බියන්විල ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත්කර තිබෙනවා. සියඹලාපේවත්ත ආදාහනාගාරයේදී අවසන් කටයුතු හෙට(13) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්