මහනුවර යටිනුවර වීථියේ සිව්මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ඇතිවූ ගින්නකින් දිවි බේරාගත් දරු පවුල පිළිබඳ බොහෝ දෙනාගේ අවදානය යොමුවුණා. ඔවුන්ගේ මූලික අවශ්‍යතාවක් වූ හිසට සෙවනක් ලබාදීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තීරණයකර තිබෙනවා.
ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ හදිස්සියේ ඇතිවූ ගින්නකින් රාමරාජ් මහතා, ඔහුගේ බිරිද හා දරුවන් තුන්දෙනා මහත් පරිශ්‍රමයකින් දිවි බේරා ගැනීමට සමත් වුණා. තුවාල ලැබූ ඔවුන් රෝහල් ගතකර සිටි අතර මේ වනවිට රෝහලෙන් පිටව ගොස් නවාතැන්ගෙන සිටින්නේ කැප්පෙටිපොල විශ්‍රාම ශාලාවකයි. නිවසක් නොමැති මෙම පවුලට නව නිවසක් ලබාදීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භකර තිබෙනවා. එහි සභාපති රංජිත් ශාන්ත කහවල මහතා, රාමරාජ් මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් හමුවී අදාළ තොරතුරු ලබාගැනීම සිදුකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/FOAAoVKmjYA”]