වැලිමඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග දෙපස පවත්වාගෙන යන බඩඉරිගු අලෙවිසැල් පරික්ෂා කිරිමේ විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. බඩ ඉරිගු වගාවට බලපා ඇති සේනා දළඹු වසංගතය පිලිබද දැනුවත් කිරිමද මෙහිදි සිදු වුණා.
සේනා දළඹු වසංගතය පැතිර යාමේ අවධානමත් සමග වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම වැඩසටහන පැවැත්වුණා. ප්‍රධාන මර්ගය දෙපස පවත්වාගෙන යන බඩඉරිගු අලෙවිසැල් මෙහිදි පරික්ෂා කෙරුණා. මේ අතර වෙලෙන්දන් දැනුවත් කිරිමද සිදු කෙරුණා. බඩඉරිගු තොග වශයෙන් මිලදී ගැනීම සහ අලෙවි කිරිමේදී ඒවා ඉතා හොදින් පරික්ෂා කිරිමේ වැදගත්කම පිලිබද උපදෙස් ලබා දීමද සිදු කෙරුණේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ මැදිහත්විමෙන්.