fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාපනයේ පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුලු 11 දෙනෙක් අත්අඩංගුවේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 11:23

යාපනයේ පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුලු 11 දෙනෙක් අත්අඩංගුවේ

යාපනය දකුණු නාවත්කුලි විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු සහ ප‍්‍රදේශයේ තරුණයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පාසලේ දේපළ වලට හානි කිරිමේ චෝදනාවක් හේතුවෙන්.

එමෙන්ම විදුහල්පතිවරයාට සහ ගුරුවරුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වුණා.

පාසල් සිසුන් දෙදෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම හේතුවෙන් ඔවුන්ට පසුගිය බදාදා විදුහල්පතිවරයා සහ ගුරුවරුන් දෙදෙනෙකු තරයේ අවවාද කර තිබෙනවා.

පසුව මෙම සිසුන් දෙදෙනා ඔවුන්ගේ මිතුරන් පිරිසක් ද සමඟ පැමිණ විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට පහරදි පාසලේ දේපළ වලට ද හානි සිදුකර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්