තහනම් පන්න ක්රම භාවිත කරමින් ධීවර කටයුතුවල යෙදුනු පිරිසක් අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව සමත් වුණා.
අම්බලන්ගොඩ ධීවර වරායෙන් පිටත් වුණු යාත්රාවක ධීවරයින් පිරිසකුයි මෙහිදි අත්අඩංගුවට පත් වුණේ. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්රික් කාර්යාල නිළධාරින් සමග එක්ව නාවික හමුදාව මෙම මෙහෙයුම සිදු කළා. නීතිවිරෝධි හැඹිලි දැල් සහ උපකරණ සමග ධීවරයින් එකොලොස් දෙනෙකු මෙහිදි අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව සමත් වුණා. අත්අඩංගුවට ගත් යාත්රාවේ සහ දැල් ආම්පන්නවල වටිනාකම රුපියල් ලක්ෂ තිහකට අධික බව ගාල්ල දිස්ත්රික් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සදහන් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්රියාත්මකයි.