මන්නාරම සමූහ මිනී වලෙන් හමුවූ මිනිස් අස්ථි කොටස්වල සාම්පල ලබන 23 වෙනිදා ඇමරිකාව වෙත යැවීමට තීරණය කර තිබෙනවා.
ඒ කාබන් පරීක්ෂණයක් වෙනුවෙන්.
ඉන් කාලය ද නිර්ණය කළ හැකි බවයි සමූහ මිනී වලෙහි වෝහාරික කටයුතු භාර මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසන්නේ.
මේ දක්වා සමූහ මිනී වලේ සිදුකළ කැනීම් වලින් මිනිස් අස්ථි කොටස් 300 ක් සොයාගෙන තිබෙනවා.