fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුරෝපා රටවල් රැසකට අධික හිමපතනයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 10:11

යුරෝපා රටවල් රැසකට අධික හිමපතනයක්

යුරෝපා කලාපයේ රටවල් රැසකින් අධික හිමපතනයක් වාර්තා වනවා.

ජර්මනිය, ස්විඩනය, ඔස්ට්‍රියාව, නෝර්වේ, ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් කිහිපයකට අධික ලෙස හිමපතනය වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් එම රටවල මාර්ග රැසක් හිම තට්ටුවලින් වැසි තිබෙනවා. මිය ගිය පුද්ගලයින්  සංඛ්‍යාව සහ අතුරුදන් වූ පිරිස සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වී නැහැ. පසුගිය සෙනසුරාදා දිනයේ සිටයි මෙම තත්ත්වය ඇතිව තිබෙන්නේ.

මේ වන විට අඩි දහයක් උසින් යුත් හිම තට්ටු බැදි ඇති බවද වාර්තා වනවා. යුරෝපා රටවල් රැසකට බලපා තිබෙන මෙම හිම පතනය හේතුවෙන් ජනතාවගේ එදිනෙදා කටයුතු අඩාල වී තිබෙන අතර ආරක්ෂක අංශ මුදා ගැනිමේ මෙහෙයුම් මෙන්ම හිම තට්ටු ඉවත් කිරමේ කටයුතුවලද නිරත වනවා. රටවල් කිහිපයක ගුවන් ගමන්ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්