fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යතුරුපැදියක් කැබ් රථයක ගැටිමෙන් පුද්ගලයෙකු  ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 09:31

යතුරුපැදියක් කැබ් රථයක ගැටිමෙන් පුද්ගලයෙකු  ජීවිතක්ෂයට

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තල්පිටිය හන්දිය ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින්  පුද්ගලයෙකු  ජීවිතක්ෂයට පත් වුණා.

අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ යතුරුපැදියක් කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටිමෙනුයි මෙම අනතුර සිදු වුණේ. යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා  අනතුරින් බරපතළ තුවාල ලබා පානදුර රෝහලට ඇතුලත් කිරිමේදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 ක් වන කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කැබ් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo