අසිරි සුරකිමු සමනොළ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියේ තවත් අදියරක් අද පැවැත්වෙනවා. ඒ ශ්රී්රපාදස්ථානය කේන්ද්‍ර කරගනිමින්.
ලින්ක් නැචුරල් ආයතනය සහ රාජ්‍ය හා ස්වෙච්ඡා සංවිධානවල සහභාගීත්වයෙන් වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයයි මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ.
අද දවස පුරා ප්‍රජා සත්කාරක වැඩසටහන් පැවැත්වෙන බව ශ්රී්රපාද පුදබිමේ සිටින අප නියෝජිත ඉන්දික වීරකෝන් ප්‍රකාශ කළේ.
අසිරි සුරකිමු සමනොළ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සමඟ එක්වන ලෙස ශ්රී්රපාදස්ථානය වන්දනාමාන කරන සැහැදැවතුන්ගෙන් ඉල්ලා සිටින බවයි ලින්ක් නැචුරල් ආයතනය සඳහන් කළේ.