fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය සුරතින් සිසු අයිතියට

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 16:56

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය සුරතින් සිසු අයිතියට

නව තාක්ෂණික දැනුමත් සමග ගුණ යහපත් දරු පරපුරක් රට තුළ ගොඩනැගෙනු දැකීම තම අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළකළේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පැවති උත්සවයකදී.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය සිසු අයිතියට පවරා දීම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මෙම ක්‍රීඩා ගාරය ඉදිකර ඇත්තේ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ඩී වී ශාන්ත සිල්වා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්. තර්ස්ටන් විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසුදරුවන් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැදවාගෙන යනු ලැබුවා. පළමුව විද්‍යාල භූමියේ පිහිටි රණවිරු ස්මාරකය වෙත ගිය ජනාධිපතිතුමා මල් කළඹක් තැන්පත් කරමින් ඊට පුෂ්පෝපහාර පුදකළා. සමරු ඵලකය නිරාවරණය කර අභිනව ක්‍රිකට් ක්‍රීඩාංගන සංකීර්ණය සිසු අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණේ ඉන් අනතුරුවයි. ජනාධිපතිතුමා එය නිරීක්ෂණයට ද එක්වුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 16:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්