fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිල සූත්‍රය අනුව සිව්වන වරටත් ඉන්ධන මිල අඩුවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 16:52

මිල සූත්‍රය අනුව සිව්වන වරටත් ඉන්ධන මිල අඩුවෙයි

ඉන්දන මිල සිව්වන වරටත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කළා. සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සමාලෝචනය කිරීම යටතේයි මෙවර ද මිල අඩු කෙරුණේ.

2015 වසරේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල පහළ දැමීමට කටයුතු කළා. 2014 වසරේ පෙට්‍රල් 92 සහ 95 වර්ගයේ ලීටරයක මිල පැවතුණේ පිළිවෙළින් රුපියල් 162 හා 170 ක මිලකයි. ගතවූ වසර තුනහමාරක කාලය තුළ පෙට්‍රල් 92 සහ 95 වර්ගයේ ලීටරයක් පාරිභෝගිකයින් වෙත ලබා දුන්නේ රුපියල් 117 කට හා 128 කටයි. පසුගිය වසර අවසාන වනවිට මිල සූත්‍රය අනුව පෙට්‍රල් 92 සහ 95 වර්ගයේ ලීටරයක මිල පැවතුනේ පිළිවෙලින් රුපියල් 125 සහ 149 ක මිලකටයි.

ලෝක වෙළෙඳපොළේ මිල ගණන් වෙනස් වීම් අනුව ක්‍රියාත්මක මිල සූත්‍රය මගින් නව මිල ගණන් තීරණය වී තිබෙනවා. පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් දෙක බැගින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක් වන  යුරෝ හතර වර්ගයේ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින් අඩු කෙරුණා. මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 123ක් දක්වා අඩුවුණා. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වන්නේ රුපියල් 142ක්. ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 99 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118ක් වනවා.

කෙසේවෙතත් සිංගප්පූරුවේ බ්‍රෙන්ට් වෙළෙදපොලේ බොරතෙල් මිල සහ ෆ්ලැට්ස් නිමි පෙට්‍රල් සදහා වන මිල පසුගිය දෙසතිය තුළදී අඛණ්ඩව වැඩිවූ බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. අද වන විට බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් පනස් නවයක සීමාව ඉක්මවා තිබෙනවා. ලෝක වෙළදපල මිල වෙනස්වීම්වලට අනුව ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රය පාරිභෝගිකයාට අවාසියක් නොවන අයුරින් කළමනාකරණය කර ගැනීමට රජය උත්සාහ දරණ බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 16:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්