fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෘහ භාන්ඩ වෙලෙදසැලක ගින්නක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 17:09

ගෘහ භාන්ඩ වෙලෙදසැලක ගින්නක්

ඉන්දියාවේ බටහිර දිල්ලි ප්‍රදේශයේ ගෘහ භාන්ඩ වෙලෙදසැලක ඇතිවූ ගින්නකින් පැල්පත් සියයකට අධික සංඛ්‍යාවක්  විනාශ වී තිබෙනවා.

මහල් හතරකින් යුත් ගෘහභාණ්ඩ වෙළෙදසලකයි ගින්න හටගෙන තිබෙන්නේ. එය අසළ තිබූ පැල්පත් සහිත ප්‍රදේශයකට ද පැතිර ගියා.  ඒ හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබුවා. වෙළෙදසල තුළ තිබූ  ගෘහ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ද විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ගින්න නිවීම සදහා ගිනි නිවන  රථ 30ක් යොදාගෙන තිබෙනවා.  ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 17:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්