fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රබර් ආශ්‍රිත නිදහස් වෙළද කලාපයක් ඇති කිරීමට සාකච්ඡා

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 15:37

රබර් ආශ්‍රිත නිදහස් වෙළද කලාපයක් ඇති කිරීමට සාකච්ඡා

රබර් ආශ්‍රිත නිදහස් වෙළද කලාපයක් ඇති කිරීම පිළිබද සාකච්ඡා කිරීම සදහා චීන රජයේ දූත පිරිසක් අද (11) අමාත්‍ය නවීන් දිසානායක මහතා හමුවුණා.

බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දීයි මෙම හමුව සිදුවුණේ. චීනයේ හයිනාන් ප්‍රාන්ත උප ආණ්ඩුකාර ශෙන් ඩන්යෑන් ප්‍රමුඛ දූත පිරිසක් මේ සදහා එක්ව සිටියා. චීනයේ මධ්‍යම රජය හා එස්ටේට් කවුන්සිලය ඒකාබද්ධව මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිත රබර් ආශ්‍රිත නිදහස් වෙලෙද කලාපය පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. නව රැකියා උත්පාදනය, වැවිලිකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, රබර් නිමි භාණ්ඩ ආනයනය පාලනය කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් මෙරටට අත්කර දීම මෙහි අරමුණයි. මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලැබුණු විගසම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු යොදන බවයි අමාත්‍ය නවීන් දිසානායක මහතා කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 15:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්