fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඛණිජ තෙල් සංස්ථා ගැටුමට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා තවදුරටත් රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 13:04

ඛණිජ තෙල් සංස්ථා ගැටුමට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා තවදුරටත් රිමාන්ඩ්

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරියා ලබන දහඅට වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය මීළග නඩු දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දැනුම් දුන්නා. ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථානයට ඇතුලුවී කළහකාරී ලෙස ක්‍රියාකළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසට  ද අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළා. පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ඇතිවූ ගැටුමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 13:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo