fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුලීරථ ගුවන් සේවාව ලබන වසරේ ආරම්භ කිරීමට ඇමරිකාව සූදානම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 14:05

කුලීරථ ගුවන් සේවාව ලබන වසරේ ආරම්භ කිරීමට ඇමරිකාව සූදානම්

කුලී රථ ගුවන් සේවාව ලබන වසරේ සිට ආරම්භ කරන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. ඒ සදහා විශේෂිත ගුවන් යානා නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා.

පියාඹන මෝටර් රථ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම කුලීරථ ගුවන් යානා, හෙලිකොප්ටර් යානා සහ ඩ්‍රෝන තාක්ෂණය අතර සම මිශ‍්‍රණයක් ලෙසයි සැලකෙන්නේ.

සිරස්ව ඉහල නැංවීම සහ ගොඩබැස්සවිය හැකි ආකාරයෙන් ඒවා නිෂ්පාදනය කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ.

ඒ වෙනුවෙන් දීර්ඝ කාලයක සිට පර්යේෂණ සිදුකර තිබෙනවා.

මෙම ගුවන් කුලීරථ වලට පැයට සැතපුම් 150 ක් 200 ක් අතර වේගයකින් පියාසර කළ හැකි බවයි ඇමරිකා වාර්තා සදහන් කළේ.

ගුවන් කුලි රථ සේවය ඇමරිකාවේ හියුස්ටන් , ඇට්ලන්ටා, නිව්යොර්ක් සහ ලොස්ඇන්ජලීස් නගර අතර මුලින්ම කි‍්‍රයාත්මක කිරිමට සැළසුම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 14:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්