fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමන් රත්නප්‍රිය හතරවන දිනටත් CIDය හමුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 11:33

සමන් රත්නප්‍රිය හතරවන දිනටත් CIDය හමුවට

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශයක් ලබා දීමට හතරවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට අද(11) පැමිණියා.

ජනාධිපතිවරයාට තර්ජනයක් ඇතිවන ආකාරයට සහ රටතුළ කැළඹීමක් ඇතිවන ආකාරයට සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක් සිදුකළ බවට පවසමින් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගල්ගමුවේ ධම්මරංසි ස්වාමීන් වහන්සේ පැමිණිල්ලක් කර තිබුණා. ඊට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සදහායි සමන් රත්නප්‍රිය මහතා විශේෂ විමර්ශන ඒකකය මගින් කැදවා තිබුණේ. පැය හතරකට වැඩි කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්