ව්‍යාජ රුපියල් පන් දහසේ මුදල් නෝට්ටුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
ඔවුන් ධර්මපුරම් පොලිස් වසමේ පුන්නනීරාවේ ප්‍රදේශයේ වෙළඳ සැලකට පැමිණ දුරකථන කාඩ් පතක් මිළදී ගෙන තිබෙනවා. ඒ සඳහා ලබාදුන් රුපියල් පන් දහසේ නොට්ටුව ව්‍යාජ බවට වෙළඳසැල් හිමියා හදුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ධර්මපුරම් පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.