fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාගර ජලයේ උෂ්ණත්වය ඉහලයාම වේගවත්වී ඇතැයි අධ්‍යයනයකින් හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 09:43

සාගර ජලයේ උෂ්ණත්වය ඉහලයාම වේගවත්වී ඇතැයි අධ්‍යයනයකින් හෙළිවෙයි

සාගර ජලයේ උෂ්ණත්වය ඉහලයාම වේගවත් වී ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළිවුණා.

චීන ජාතික විද්‍යා ආයතනය ඇතුලු කණ්ඩායම් කිහිපයක් අධ්‍යයනයට එක්ව තිබෙනවා.

මිහිතලය උණුසුම්වීම ඉහලයාමයි සාගර ජලයේ උෂ්ණත්වය වැඩිවීමට බලපා තිබෙන්නේ.

එමගින් සමුද්‍ර ජිවින් සහ පැලෑටිවල පැවැත්මට බරපතල තර්ජනයක් එල්ලව ඇතැයි ද චීන ජාතික විද්‍යා ආයතනය පෙන්වා දුන්නා.

පොසිල ඉන්ධන දහනයෙන් හරිතාගාර වායු සහ ඕසෝන් ස්ථරය අතර රැදී ඇති අතිරික්ත උණුසුමෙන් සියයට 93 ක් අවශෝෂණය කර ගන්නේ සාගර ජලය මගින්.

සාගර උෂ්ණත්වය තවදුරටත් වැඩිවුවහොත් සමුද්‍රීය ජීවින් සහ පැලෑටි රැසක් මිහිතලයෙන් තුරන් විය හැකි බවත්, චීන ජාතික විද්‍යායතනය සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්