Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තු ගැටුම විමර්ෂණයට පත්කළ කමිටුව අදත් රැස්වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 09:46

පාර්ලිමේන්තු ගැටුම විමර්ෂණයට පත්කළ කමිටුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව තුළ පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ෂණයට පත්කළ කමිටුව අද යළි රැස්වෙනවා.

කමිටුව සකස් කළ අතුරු වාර්තාවේ ඇතුලත් කරුණු නැවත සලකා බලන බවයි එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේ.

වාර්තාව කථානායකවරයාට අද භාරදීමට නියමිතව තිබුණ ද කරු ජයසුරිය මහතා විදෙස්ගතව සිටින බැවින් ඉදිරියේදී එම වාර්තාව භාරදෙන බවත්, ආනන්ද කුමාරසිරි මහතා ප‍්‍රකාශ කළා. නොවැම්බර් මස 14, 15 සහ 16යන දිනයන්හි ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුලු පාර්ශ්ව කිහිපයකින් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 09:46
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්