fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්සිළු ජයතිලක ක්‍රීඩකයාට නව නිවසක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 17:38

රන්සිළු ජයතිලක ක්‍රීඩකයාට නව නිවසක්

රාජ්‍ය සම්පත් හා රාජ්‍ය දේපල ලැබිය යුතු සුදුස්සන්ට ලබාදීම සැබෑ දේශප්‍රේමීත්වය බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනතා මුදලින් ඉදිකරන නිවාස කිසිවිටෙක තම පවුල් පරපුර වෙනුවෙන් ලබා නොගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

බර ඉසිලීමේ ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්කරගත් රන්සිළු ජයතිලක ක්‍රීඩකයාට නව නිවසක් පිරිනැමීම වෙනුවෙන් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අද (10) පැවති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. මොරටුව අගුලාන සයුරපුර නිවාස ව්‍යාපෘතියෙන් ඔහු වෙත මෙම නිවස ලබා දී තිබෙනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 30 ක්. ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණය ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වත්මන් රජය යටතේ ලබා දුන් විසිහතර වන නිවාසය මෙයයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 17:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්