උතුරු කොරියා නායක කිම් ජොන් උන් චීනයට පොරොන්දුවක් ලබාදුන්නා. ඒ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සහභාගී වන බව දැනුම් දෙමින්.
න්‍යෂ්ටික වැඩසටහන් පිළිබඳව පූර්ණ එකඟතාවලට පැමිණීමයි එහි අරමුණ. එය ජාත්‍යන්තර ප්රජාවගේද අපේක්ෂාවකි. සාමකාමීව ගැටළු විසදාගැනීම සඳහා මුලිකත්වය ලබාදෙන බවයි උතුරු කොරියා නායකයා චීන බලධාරින් සමඟ ප්‍රකාශ කළේ. ඒ සම්බන්ධයෙන් ඔහු ඇමරිකාවට ද ලිපියක් මඟින් දැනුම් දුන්නා. ඊට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් යහපත් ප්‍රතිචාර හිමිව තිබෙනවා. දෙවන සමුළුව පවත්වන ස්ථානය පිළිබඳවයි මේ වනවිට අවධානය යොමුව තිබෙන්නේ.