මහජන නියෝජිතයින් සදහා ආචාරධර්ම පද්ධතියක් හදුන්වා දියයුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සර උළෙලට හා විද්‍යාලයීය තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
විද්‍යාලයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගැනීමට පාසලේ දරුවන් ක්‍රියාකළා. නවීන පහසුකම්වලින් සමන්විතවයි නව පාසල් ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ. එය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද සහභාගි වුණා. සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා ආරම්භ කළ මෙම පාසලේ දරුදැරියන් සමස්ථ ලංකා මට්ටමෙන් ජයග්‍රහණ රැසක් අත්කරගෙන තිබෙනවා. එම දරුවන් ඇගයීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරුණා. උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සගවා තබා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://youtu.be/hVR98_ph97Y”]
බාලදක්ෂ උත්තමාචාරයක් ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පැවැත්වුණා. බාලදක්ෂයින්ගේ එළිමහන් ක්‍රියාකාරකම් පිළිබද සංදර්ශනයක්ද පැවති අතර එය නැරඹීමට ද අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස සහභාගි වුණා.