fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුරුණු දිරියෙන් ලබාදී  ඇති ණය මුදල රුපියල් මිලියන දෙසීය ඉක්මවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 17:26

තුරුණු දිරියෙන් ලබාදී  ඇති ණය මුදල රුපියල් මිලියන දෙසීය ඉක්මවයි

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මගින් ලබාදී  ඇති මුදල රුපියල් මිලියන දෙසීය ඉක්මවා තිබෙනවා. එම මුදල් ලබාදී ඇත්තේ තරුණ ව්‍යවසායිකයින් 473 දෙනෙකු වෙනුවෙන්.

තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය පිළිබද ලංකා බැංකුව ඉදිරිපත් කළ නවතම ප්‍රගති සමාලෝචන වාර්තාවේ මෙම තොරතුරු සදහන්. මෙම ණය ව්‍යාපෘතිය මගින් සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි  ව්‍යාවසායික ණය නිකුත් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කය ව්‍යවසායික ණය හැත්තෑ දෙකක් නිකුත් කරමින් දිස්ත්‍රික් අතර ඉදිරියට පැමිණ සිටිනවා. පළාත් අතරින් පෙරමුණට පැමිණ තිබෙන්නනේ බස්නාහිර පළාතයි. තරුණ ව්‍යවසායකයින් උදෙසා නිර්මාණය කර ඇති මෙම ණය යෝජනා ක්‍රමය ජනප්‍රිය වී ඇත්තේ  ලිහිල් ඇප ක්‍රමය සහ අවම පොලී අනුපාතයක්  වැනි සහන රැසක් හේතුවෙන්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 17:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්