fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනක රණවකට අධි චෝදනා

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 15:04

ජනක රණවකට අධි චෝදනා

කෝට්ටේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිගේ පරිගණක දත්ත වෙත නීති විරෝධී ලෙස ප්‍රවේශ වීමේ චෝදනාව සම්බන්ධයෙන් කෝට්ටේ හිටපු නගරාධිපති  ජනක රණවක මහතා ඇතුළු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය අධි චෝදනා කියවා දුන්නා.

2013 වසරේදී   කෝට්ටේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිගේ පරිගණකයට නීති විරෝධි ලෙස ඇතුළු වී එහි දත්ත වෙත ප්‍රවේශ වීමේ චෝදනාවට නීතිපතිවරයා විසින් සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා. ඒ පරිගණක අපරාධ නීතිය යටතේයි. චෝදනාවලට අදාළව තමන් නිවැරදිකරුවන් බවයි විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පවසා සිටියේ. චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී මූලික විරෝධතා ඉදිරිපත් කරන බව විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා දැනුම් දුන්නා. ඒ අනුව නඩුව පෙබරවාරි 28 වනදා කැදවීමට නියෝග කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 15:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්