මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ නව ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා. යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි අවධානයක් යොමුව තිබෙනවා. මාර්ග සකස් කිරිම , කසල සහ අපද්‍රව්‍ය බැහැර කිරිමට විධිමත් වැඩසටහන් සැකසීම ඊට ඇතුලත්. දිලිදු ජනතාවට පහසුකම් සැලසෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ.