fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාලිය වික්‍රමසූරියට එරෙහිව යළි විවෘත වරෙන්තු

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 01:15

ජාලිය වික්‍රමසූරියට එරෙහිව යළි විවෘත වරෙන්තු

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති  ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව යළි විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්‍ත්‍රාත් අධිකරණය නියෝග කළා.

සැකකරුවන්ට එරෙහි වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් යොමුකරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා  නියෝග කළේ. ඒ වරෙන්තුව ජාත්‍යන්තර පොලීසියට යොමුකිරීමට  අවශ්‍ය බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුවයි. හිටපු තානාපතිවරයාගේ බිරිද සහ සොහොයුරියටද මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කෙරුණා. ඒ සැකකරු තාවකාලිකව විදේශ ගතවීමෙදී නැවත අධිකරණයට ගෙන්වා දෙන පොරොන්දුව මත ඇප වීම හේතුවෙන්. සැකකරු වංචා කළ බව කියන  ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පනස්දහසක මුදල පී.පී.පී. ඉන්ටර්නැෂනල් ආයතනය හරහා එවා ඇති බවත් එම ජංගම ගිණුම් පරීක්ෂා කිරීමට අදාළ විමර්ශන ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 01:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්