මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න ඌව පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
ආණ්ඩුකාරවරුන් දෙදෙනා මුලින්ම මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා. අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීමටද ආණ්ඩුකාරවරුන් කටයුතු කළා. අස්ගිරි මහාවිහාරයට ගිය ආණ්ඩුකාරවරුන් දෙපල එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන ස්වාමින්වහන්සේ බැහැදැක උන්වහන්සේගෙන්ද ආශිර්වාද ලබා ගත්තා.
[ot-video type=”youtube” url=”https://youtu.be/vKrpkVs0j3o”]