ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමා තාප්පය ඉදිකිරීම සදහා සහාය දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් ඉල්ලා සිටියා.
මෙම තාප්පය ඉදිකිරීම ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවක්. ඉදිකිරීම් සදහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම මෙන්ම එහිදී මතුව ඇති ගැටළු විසදීමට ජනතා සහාය අවශ්‍ය බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා කියා සිටියේ. ව්‍යාපෘතිය සදහා ඇමෙරිකා ඩොලර් බිලියන 5.7 ක මුදලක් අවශ්‍ය කෙරෙනවා. මෙම ව්‍යාපෘතියත් සමග ඇමෙරිකාවේ රාජ්‍ය අංශයට සම්බන්ධ සේවකයන් ලක්ෂ 08 කට ආසන්න පිරිසකට වැටුප් ගෙවීමද අර්බුධයකට ලක්ව තිබෙනවා. කෙසේ වුවද ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර සිටියේ කුමන බාධක පැමිණියද දේශසීමා තාප්පය නිසැකයෙන්ම ඉදිකරන බවයි.