fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තාවන් විදේශ ගත වීමේ ප්‍රවණතාව පහළට

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 11:17

කාන්තාවන් විදේශ ගත වීමේ ප්‍රවණතාව පහළට

පසුගිය වසරේදී කාන්තාවන් විදේශ ගත වීමේ ප්‍රවණතාව පහළ ගොස් තිබෙනවා.  එය 2017 වසරට සාපේක්ෂව 0.3%ක පහලයාමක්.

2018 වසරේදී විදේශ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින් සංඛ්‍යාව දෙලක්ෂ එකලොස් දහස් පන්සිය දෙකක්. ඉන් කාන්තා ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව  හැටහයදහස් නවසිය හැත්තෑ එකක්. එම ප්‍රමාණය විදේශගත  වූ මුළු ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාවෙන්   31.07% ක් වනවා. 2017 වසරේදී එය පැවතියේ 32% ක ප්‍රතිශතයක් ලෙසයි. ඒ අනුව එම වසරට සාපේක්ෂව පසුගිය වසරේදී විදෙස් ගත වූ කාන්තා ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 0.3%ක ප්‍රමාණයකින් පහල ගොස් තිබෙනවා. මේ අතර ජපානය  , නවසීලන්තය  , පෝලන්තය , රුමේනියාව මොරිෂස් ඇතුළු යුරෝපා රටවල් සදහා රැකියාවලට යොමුවීමේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. වෘත්තීයමය රැකියා සදහා විදෙස් ගතවීමේ ප්‍රමාණය 11%කින් ඉහළගොස් තිබෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්