දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් හයසිය දෙනෙක් තුවාල ලැබුවා. ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි දකුණු අපි‍්‍රකා රෝහල් වාර්තා සඳහන් කළේ. අනතුරින් මිය ගිය සංඛ්‍යාව තුනක්.
මගී ප්‍රවාහන දුම්රිය දෙකක් ගැටීමෙන් එය සිදුව තිබෙනවා. සංඥා පද්ධතිය අක්‍රීය වීම ඊට හේතුව බවයි මේ වනවිට හෙළිවී තිබෙන්නේ. දකුණු අප්‍රිකාව දුම්රිය අනතුරු බහුලව වාර්තා වන රටක්. 2016 හා 2017 අතර කාලයේදී සිදුවූ එවැනි අනතුරුවලින් පුද්ගලයන් 495 දෙනෙක් මියගියා. ප්‍රවාහන සේවා වඩාත් ආරක්ෂාකාරි මට්ටමින් පවත්වාගෙන යාම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි දකුණු අප්‍රිකා බලධාරින් පවසන්නේ.