හීතෘ ගුවන් තොටුපලේ මෙහෙයුම්වලට බාධාවක්
Related Articles
ලන්ඩනයේ හීතෘ ගුවන් තොටුපල ආසන්නයේ ඩ්‍රෝන යානයක් පියාසර කිරීම සම්බන්ධයෙන් එරට හමුදා අංශ පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.
ලොව කාර්ය බහුලම ගුවන් තොටුපලක් ලෙස සැලකෙන ලන්ඩනයේ හීතෘ ගුවන් තොටුපල ඊයේ දිනයේදී පැය එකහමාරකට අධික කාලයක් වසා දමා තිබුණා. එරට ආරක්ෂක අංශ සදහන් කරන්නේ පුළුල් අපරාධ පරීක්ෂණයක් මේ සදහා ක්‍රියාත්මක කර ඇති බවයි. කවුරුන් විසින් ඩ්‍රෝන යානයක් ගුවන් ගත කළේද යන්න මෙතෙක් හෙළිවී නැහැ. ගුවන් තොටුපලේ ආරක්ෂාවට මෙය තර්ජනයක් බවයි ආරක්ෂක අංශ වැඩිදුරටත් සදහන් කරන්නේ. මීට පෙර එංගලන්තයේ ගැට්වික් ගුවන් තොටුපල ආසන්නයේ ද ඩෝන යානයක් පියාසර කිරීම හේතුවෙන් කෙටි කලකට වසා දැමුණා. ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදුකෙරෙනවා.