වතු සේවක වැටුප් ගැටළුවට සතියක් තුල විසදුමක් ලබාදෙන බව අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළා. දෛනික වැටුප රුපියල් දහස ඉක්ම වන ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමයි අරමුණ. නිවාස ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
වතු සමාගම් ආරක්ෂා කරගනිමින් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසන්නේ. මීට පෙරද අවස්ථා කිහිපයකදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා.