fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුරක්ෂා රක්ෂනාවරණ ප‍්‍රතිලාභ වැඩි කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 08:19

සුරක්ෂා රක්ෂනාවරණ ප‍්‍රතිලාභ වැඩි කෙරේ

සුරක්ෂා රක්ෂණාවරනයේ ප‍්‍රතිලාභ වැඩිකිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළා. රජයට අවම වියදමක් දරා සිසුන්ට වැඩි ප‍්‍රතිලාභ හිමිවන පරිදි නව යෝජනා ඇතුළත් කිරිමයි අරමුණ.

රජයේ රෝහල් ගතවීමකදී දිනකට ගෙවූ මුදල රුපියල් දහසක්. එය මේ වසරේ සිට රුපියල් තුන් දහස දක්වා වැඩිකර තිබෙනවා. බාහිර ප‍්‍රතිකාර සඳහා ලබාදෙන මුදල රුපියල් විසි දහසක්. පසුගිය වසරේදී ඒ සඳහා ලබාදුන්නේ රුපියල් දස දහසක් පමණයි. පූර්ණ සදාකාලික ආබාධ සඳහා ලබාදුන් ප‍්‍රතිලාභ රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩිකර තිබෙනවා. අසාධ්‍ය රෝග වෙනුවෙන් ද සුරක්ෂා රක්ෂණාවරනය හිමිවන බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 08:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්