ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වුණා.
පුරප්පාඩුවී ඇති උපරිමාධිකරණ විනිසුරු ධුර පත්කිරීම සදහා ජනාධිපතිවරයා යොමුකර තිබූ නිර්දේශ පිළිබදව මෙහිදී අවධානය යොමු වුණා. පුරප්පාඩු වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට ජනාධිපතිවරයා යොමුකළ නාමය සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවුණා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර දෙකක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධුරයක් සදහා අනුමැතිය හිමිව තිබූ නාමයන් ද යළි තහවුරු කෙරුණා. ඒ අනුව ඉදිරියේ දී උපරිමාධිකරණ විනිසුරු ධුර හතරක් සදහා ජනාධිපතිවරයාගේ නිර්දේශයෙන් නව පත්කිරීම් සිදුකෙරෙනු ඇති.