fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයවැයට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 16:41

අයවැයට කැබිනට් අනුමැතිය

2019 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම කෙටුම්පතට අනුව මෙම වසරේ ඇස්තමේන්තු කළ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන හාරදහස් හාරසිය හැත්තෑවක්. අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතරයි දශම අටක් පමණ වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

2014 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11 යි දශම 5 ක් ව පැවති රාජ්‍ය ආදායම මෙම රජය බලයට පත් වූවායින් පසුව ක්‍රමිකව වර්ධනය කරගෙන තිබෙනවා. එය මෙම වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක් දක්වා වැඩිවනු ඇති බවටයි ගණනය කර තිබෙන්නේ. මෙවර අය වැය කාර්ය සාධනය මත පදනම්ව සකස් කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන්. ඒ අනුව අමාත්‍යාංශවලට ප්‍රතිපාදන වෙන් කෙරෙනවා. එමෙන්ම දැනට සිදුකරමින් පවතින රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් 2021 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 17 ක් දක්වා වැඩි කිරීම රජයේ අපේක්ෂාවයි. රජයේ පුනරාවර්තන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක ප්‍රතිශතයකට සීමා කිරීමට ද රජය අපේක්ෂා කරනවා.

මෙම වසර සදහා ණය සේවාකරණය වෙනුවෙන් රුපියල් බිලියන දෙදහස් දෙසීයක් වෙන් කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයකට වසරක ණය ගෙවීම සදහා වැය කිරීමට සිදුවන විශාලම මුදල බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ. රාජ්‍ය අංශයේ සේවා වියදම් අතුරින් පුනරාවර්තන වියදම සදහා රුපියල් බිලියන එක්දහස් හාරසිය විසිපහක් ද, ප්‍රාග්ධන වියදම් සදහා රුපියල් බිලියන 838 ක් ද වෙන් කර තිබෙනවා. 2019 විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි පස්වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය යෝජනා අමාත්‍ය මංගල සමරවීර මහතා මාර්තු පස්වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 16:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo